
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදෙස්ගතව සැඟව සිටි තිදෙනකු අද උදෑසන මෙරටට රැගෙන ආ අතර ඔවුන් පිලිබඳ වැඩි විස්තර ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත්කර ඇත්තේ මේ ආකාරයෙනි.
මෙරට සංවිධානාත්මක අපරාධ සඳහා සහය දක්වමින් බරපතල ඝනයේ අපරාධ සිදුකිරීමට සෘජුවම සම්බන්ධවී ඩුබායි රාජ්‍යයේ පළාගොස් සැඟව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ 2024 වසරේ රජයේ මුදල් අවභාවිතා කර ඩුබායි රාජ්‍යයට පළා ගොස් සැඟව සිටි චූදිත කාන්තාවක් 2026.01.16 වන අද දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික ගුවන්තොටුපොළෙන් මෙරටට රැගෙන එන ලදී.
ශ්‍රී ලංකා පොලිසිය අන්තර්ජාතික පොලිසිය දැනුවත් කර ලබාගත් රතු නිවේදන යටතේ අබුඩාබි අන්තර්ජාතික පොලිසියි හා ඩුබායි පොලිසිය පසුගිය දිනයන් තුළ මෙම සැකකරුවන් හා සැකකාරිය එරටදී ඇත්අඩංගුවට ගෙන තිබූ අතර උදර්පණ නීතිය යටතේ ගොඩනගාගත් ජ්‍යාත්‍යන්තර සබඳතා මගින් එහිදී මොවුන් කඩිනමින් ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදීම සිදුවිය.
මින් එක් සැකකරුවෙක් වයස අවුරුදු 52 ක් වන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු වයස අවුරුදු 30 ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
චූදිත තැනැත්තිය වයස අවුරුදු 56 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.
කඳාන ප්‍රදේශයේ පදිංචි සැකකරු 2025 වසරේ ජූලි සම 03 වන දින කාර් රථයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතතනය කළ සිද්ධියට සෘජුවම සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුද ඌරස්මංන්දිය කේන්ද්‍රව සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ වී ඇති සැකකරුවකු ලෙස හඳුනාගෙන රතු නිවේදන ලබාගෙන තිබිණි.
කාන්තාව මෙරට විදෙස් තානාපති කාර්යාලයක සේවය කරමින් රජයේ මුදල් වංචාකර කොළඹ මහාධිකරණය මගින් සිරදඩුවම් හා දඩ නියම වූ තැනැත්තියකි.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට හා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට මෙම භාර දීමට නියමිත අතර සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.
විදෙස් රටවල් තුළ සැඟව සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය දැනුවත් කරමින් මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය රතු නිවේදන 95 ක් ලබාගැනීමට කටයුතු කර ඇත.
එමගින් 2024 වසරේ සැකකරුවන් 10 දෙනෙක්, 2025 වසරේ සැකකරුවන් 11 දෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය භාරයට ගැනීමට හැකිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart