
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙක් සහ කොමියුනිස්ට් පක්ෂ විදේශ කටයුතු කොමිසමේ අධ්‍යක්ෂවරයා වන වැන්ග් යී පසුගියදා හමුවී ඇත.
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවති බ්‍රික්ස් රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදී මෙම හමුව සිදුව තිබේ.
2020 සිට ඉන්දියා-චීන මායිමේ බටහිර කොටසේ අර්බුද මෙතෙක් විසඳී නොමැති බව අජිත් දොවාල් එහිදී සඳහන් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
දෙපාර්ශවය උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කළ යුතු බවත්, එකඟතාව සහ සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, වැන්ග් යී එහිදී පවසා ඇතැයි වාර්තා වේ.
චීනය කිසිවිටෙක ආධිපත්‍යයක් අපේක්ෂා නොකරන අතර, බහුපාර්ශ්විකවාදයට, අන්තර්ජාතික සබඳතා ප්‍රජාතන්ත්‍රීකරණයට සහාය දැක්වීමට සහ අන්තර්ජාතික පර්යාය වඩාත් සංවර්ධනය කිරීමට ඉන්දියාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ කටයුතු කිරීමට සූදානම් බව ඔහු අවධාරණය කළ බව වැඩිදුරටත් වාර්තා වේ.
විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී වැන්ග් යී හමුවී දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන් භාවය සම්බන්ධයෙන් ඇති ගැටළු සාකච්ඡා කර දින කිහිපයකට පසුව මෙම හමුව සිදුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart