
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුව හමුවේ රට දැඩි ව්‍යවසනකාරී තත්වයකට මුහුණ පා තිබෙන පසුබිමක රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන ආකාරය ඇතැම් විට ගැටලුකාරී තත්වයක් මතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ දිට්වා සුළිකුණාටුවෙන් සිදුවූ හානිය හමුවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හයවැනි වාරිකය ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාව කටයුතු නොකිරීම ගැටලුවක් බවයි.
ඒ වෙනුවට රජය සිදුකළේ IMF Rapid Financing අවස්ථාව වෙත ගමන් කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ නිවැරදි ලෙස සිදුකළ යුතුව තිබුණේ හයවැනි වාරිකය පළමුව ලබාගැනීමට උත්සාහ කිරීම බවයි.
මෙවැනි පියවර සම්බන්ධයෙන් රටට වගකිවයුතු වන්නේ රජයේ ඉහළ නිලධාරීන් බව ද ඔහු චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart