
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන් වත්මන් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, සංස්කරණය කරන ලද විකිපීඩියා පිටුවක මෙන් හැඩගස්වා ඇති රූපයක් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ජාල පිටුවක පළකර ඇති බවයි.
එහි ඔහුගේ නිල ඡායාරූපය ප්‍රදර්ශනය කර ඇති අතර, ඔහුගේ ධූරය ලෙස එක්සත් ජනපදයේ 45 වැනි සහ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ද දක්වා ඇත.
කෙසේවෙතත් සැබෑ විකිපීඩියා පිටුවේ ට්‍රම්ප් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස ලැයිස්තුගත කර නොමැති අතර, කිසිදු අන්තර්ජාතික ආයතනයක් එම ප්‍රකාශය පිළිගෙන නොමැත.
ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත මෙම සටහන යොමුකර ඇත්තේ වෙනිසියුලාවේ වත්මන් ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකාවේ ග්‍රහණයට ගෙන නිව්යෝර්ක් වෙත රැගෙන ඒමෙන් අනතුරුවය.
මෙහෙයුමෙන් පැය කිහිපයකට පසු, ආරක්ෂක ගැටළු සහ බලය පැවරීමේ අවශ්‍යතාවය උපුටා දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, එක්සත් ජනපදය වෙනිසියුලාව තාවකාලිකව පාලනය කරන බවයි.
මෙම කාලය තුළ එක්සත් ජනපදය වෙනිසියුලානු තෙල් අධීක්ෂණය කර ගෝලීය වෙළඳපොළට විකුණන බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart