
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගමැතිනි හරිනි සම්බන්ධයෙන් තවත් විශේෂ තොරතුරක්ද වාර්තා වී තිබිණි.
ඒ, කෙතරම් බලපෑම් පැමිණියද කිසිදු ආකාරයකින්වත් අගමැති ධුරය වෙනස් නොකිරීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇති බවකි.
ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් අගමැතිවරියට ඉවත්වන ලෙස බලපෑම් එල්ල වුවත්, පසුගිය සතියේ ජනාධිපතිවරයා සමග ආණ්ඩුවේ ඉහළපෙළේ ඇමැතිවරුන් කීප දෙනකු පැවැත්වූ සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කොට අගමැතිවරිය ආරක්ෂා කිරීමටය.
එමෙන්ම මෙම ප්රශ්නය කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳවද එහිදී දීර්ඝව සාකච්ඡා වී තිබිණි.
ඒ අනුව එහිදී ගත් ප්‍රධානම තීන්දුව වූයේ දැනට සිදුකොට ඇති පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඉන් ලබාදෙන වාර්තාවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටය.
එමෙන්ම අගමැතිවරියට සහ ජනාධිපතිවරයාට සමීප ඇමැතිවරුන් දෙදෙනකු වූ විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස සමග අගමැතිවරියද එක්ව මාධ්‍ය හමුවක් කැඳවීමටත්, එහිදී අගමැතිවරිය ආරක්ෂා කරමින් අදහස් දැක්වීමටත් යෝජනා විය.
එසේම අගමැතිවරිය මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටත් තීන්දු විය.
අවසාන වශයෙන් මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන් හමුවී මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවටද තීන්දු විය.
ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේ හරිනි, විජිත සහ නලින්ද විශේෂ මාධ්‍ය හමුවකට එක්වූ අතර, බදාදා දිනයේදී හරිනි ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට කටයුතු කළාය.
බ්‍රහස්පතින්දා දිනයේදී මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද හරිනි කටයුතු කළාය.(මව්රට)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart