
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇතැම් පළාත් පාලන ආයතන තම බලප්‍රදේශවල වරිපනම් බදු ඇතුළු හා විවිධ බදු රිසි ලෙස හිතුමතේ වැඩිකරමින් ලැබුණු ජනවරම අවභාවිත කරමින් සිටින බව ප්‍රදේශ කිහිපයකින්ම අනාවරණය යැයි ‘දිවයින’ පුවත්පත චෝදනා කරයි.
එම පුවතේ මෙසේද දැක්වේ.
‘පළාත් පාලන ආයතනවල වරිපනම් බදු ඉහළ දැමීම නිසා මහජනතාව මහත් පීඩාවට පත්ව සිටිති. ඉකුත්දා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව විසින් වසරකට රුපියල් 2400 ක කසළ බද්දක් අයකිරීමට තීරණය කර එම මුදල එකවර ගෙවන අයට ප්‍රමුඛතාව දී ඔවුන්ගේ කසළ එකතු කිරීමට කටයුතු කරන බවට චෝදනා කරමින් එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක ද නිරත වූහ.
ප්‍රාදේශීය සභාව පවත්වාගෙන යෑමට මෙලෙස මහජනතාවගේ මුදල් අයකර ගැනීම ඉතාම අසාධාරණ බව පවසන ඔවුහු ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවට කියා සිටියහ. බස්නාහිර පළාතේ ද ඇතැම් පළාත් පාලන ආයතන මේ ආකාරයෙන් ක්‍රියාකරමින් සිටින බවටද චෝදනා එල්ල වේ.
ඇතැම් පළාත් පාලන ආයතනවලට වරිපනම් ගෙවීම් සිදුකළත් කසළ රැගෙන යෑමට පැමිණෙන ට්‍රැක්ටර් හෝ කරත්තවල සේවකයන්ට සන්තෝසම් ද ලබාදීමට සිදුවීමෙන් මහජනතාව තවත් දුෂ්කරතාවකට පත්ව සිටින බව කියති.
මේ ආකාරයෙන් මුදල් අය කළ ද ඇතැම් පළාත් පාලන ආයතන නිසියාකාරව කසළ රැගෙන යෑම හෝ පළාත් පාලන ආයතනයකින් ලබාදිය යුතු අනෙකුත් සේවාවන් හෝ නිසිලෙස ලබානොදෙන බවට ද චෝදනා එල්ලවේ.
මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ප්‍රධානියකුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ඉහළින් ලැබුණු නියෝග අනුව මෙය සිදුකිරීමට සිදුව ඇති බවය.
මේ අතර ඇතැම් පළාත් පාලන ආයතනවල නිවාස සැලසුම් අනුමත කමිටු (ප්ලෑන් කමිටු) ගෙවීම් රුපියල් 2000 ලෙස පැවතියත් එය රුපියල් 3000 දක්වා දෙන්න අනුමත කරගෙන තිබෙන බවටද වාර්තාවේ.
මාසයකට ප්ලෑනින් කමිටු 08ක් පවතින බවත් නගරාධිපති දීමනා රුපියල් 30000 ක් ලෙස පවතින අතර ඊට අමතරව මාසයකට සැලසුම් කමිටු 08 මගින් තවත් රුපියල් 24,000ක් එකතු වෙන බවටද වාර්තාවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart