
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් රාජධානියේ කළ සංචාරයකදී රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 16.6ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ මත දෙකක් ඉදිරිපත් වී තිබේ.
චෝදනා පත්‍රයක් සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබේද නැතහොත් මෙම කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ මත පදනම්ව සාක්ෂි ප්‍රමාණවත් නොවේද යන්න පිළිබඳ මෙම මත ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් විමර්ශනය අධීක්ෂණය කරමින් සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා, විමර්ශනය සම්බන්ධයෙන් වන මතභේද හේතුවෙන් මෙම වගකීම්වලින් ඉවත් වී ඇති බව දැනගන්නට ලැබේ.
එම නඩුවට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් විමර්ශනය භාරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්පෙරේරාගේ මතය වී ඇතැයි පැවසෙන්නේ, මෙම නඩුව සම්බන්ධයෙන් රනිල්වි ක්‍රමසිංහට හෝ වෙනත් කිසිදු පුද්ගලයකුට චෝදනා එල්ල කිරීමට ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලින් හෙළි වී නොමැති බවයි.
රනිල් වික්‍රමසිංහට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති අවස්ථාවක, එයට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් සමන් ඒකනායකට චෝදනා එල්ල කිරීමේ හැකියාවක් නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පෙරේරා ප්‍රකාශ කර ඇත.
පවතින සාක්ෂි සහ විමර්ශන උපුටාගැනීම් මත පදනම්ව රනිල් වික්‍රමසිංහට හෝ වෙනත් කිසිදු පුද්ගලයකුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ නොහැක්කේ මන්දැයි දැක්වෙන පිටු හයක වාර්තාවක් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් නීතිපති පාරින්ද රණසිංහට ඉදිරිපත් ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, විමර්ශනයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා වන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පෙරේරාගේ මතයට පටහැනි මතයක් ඉදිරිපත් කර ඇත.
පවතින සාක්ෂි මත පදනම්ව රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ හැකි බව ඔහු නීතිපතිවරයාට දන්වා තිබේ.
විමර්ශනය මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් ද අතිරේක සොලිසිටර් ජනරාල් පීරිස්ගේ මතයට සහාය දක්වා ඇත.
කෙසේවෙතත්, කියුබාවේ සිට නිව්යෝර්ක් දක්වා සහ ශ්‍රී ලංකාවට පැමිණෙන විට එක්සත් රාජධානිය හරහා සංක්‍රමණය වීම රනිල් වික්‍රමසිංහට අලුත් දෙයක් නොවන බවත්, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ආරාධනා ලිපියක් ලැබුණත් නැතත්, ඔහුට එක්සත් රාජධානියේ නැවතුම්පළක් ලබාගැනීමට සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පෙරේරා සිය වාර්තාවේ පෙන්වා දී ඇත.
අපරාධ කාරණා සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගීතා පනතේ විධිවිධාන යටතේ එක්සත් රාජධානියේ බලධාරීන්ගෙන් අන්‍යෝන්‍ය නීති සහාය (MLA) ලබානොගෙන බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් රනිල් වික්‍රමසිංහට යවන ලදැයි කියන ආරාධනා ලිපිය අව්‍යාජද යන්න විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම එක්සත් රාජධානියට ගමන් කිරීම පිළිබඳව ද ඔහු කණස්සල්ල පළකර තිබේ.
අන්‍යෝන්‍ය නීති සහාය ලබාගැනීමට අපොහොසත් වීම නිසා මෙම ආරාධනා ලිපිය සම්බන්ධයෙන් එක්සත් රාජධානියට ගිය පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමට ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පෙරේරා සිය වාර්තාවේදී නිරීක්ෂණය කර ඇත.
ඔහුගේ ප්‍රතිමතය සමඟ, ඒකනායක පිළිබඳ විමර්ශනයට අදාළ උපුටා ගැනීම් විශ්ලේෂණය කිරීමෙන් පසු රජයේ නීතිඥ සමදරි පියසේන විසින් සම්පාදනය කරන ලද පිටු 11ක වාර්තාවක් ද අතිරේක සොලිසිටර් ජනරාල් පීරිස් නීතිපතිවරයාට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව සමදරි පියසේනගේ අදහස බව පැවැසේ.
මේ අතර, එක්සත් රාජධානියට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් පවත්වන ලද වැඩිදුර පරීක්ෂණවල උපුටා ගැනීම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යවන ලද ලිපියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බව දැනගන්නට ලැබේ.
(The Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart