
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අප්‍රිකානු රටවල් හතරක සංචාරයක් නිමකර යන අතරතුර හෙට(12) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
හෙට දින පැමිණෙන චීන විදේශ අමාත්‍යවරයා යළි පිටත්ව යෑමට පෙර අඟහරුවාදා උදෑසන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡාවක් පවත්වනු ඇත.
පෝර්ට් සිටි ව්‍යාපෘති ඇතුළුව ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති කඩිනම් කිරීම මෙන්ම නව චීන ආයෝජන කෙරෙහි සාකච්ඡා අවධානය යොමුකරනු ඇත.
චීන සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට පැමිණීමට දිරිගැන්වීම සහ ශ්‍රී ලංකාවට අමතර ගුවන් ගමන් පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා පාර්ශවය චීනයේ සහාය පතනු ඇත.
වැන්ග්ගේ සංචාරය සිදුවන්නේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ විශේෂ නියෝජිතයකු ලෙස එරට විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මෙරටට පැමිණ ශ්‍රී ලංකා නායකයන් හමුවී මාසයකටත් අඩු කාලයකිනි.
චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නතර වන්නේ ඉතියෝපියාව, සෝමාලියාව, ටැන්සානියාව සහ ලෙසෝතෝ ඇතුළු රටවල් හතරක අප්‍රිකානු සංචාරයකින් පසු ආපසු චීනය බලා යන අතරතුරය.
මෙම සංචාරය උපායමාර්ගික හවුල්කරුවන් සමඟ අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමේ උත්සාහයක් ලෙස විචාරකයන් විස්තර කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart