
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බවටත් බලකරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වන බව ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානය පවසයි.
සත්‍යග්‍රහය හෙට (12) පෙ.ව. 9ට ආරම්භ වීමට නියමිත බව දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානයේ කැඳවුම්කරු, හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසීය.
කොළඹ ඊයේ (10) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් වීරවංශ පැවසුවේ දේශපාලන පක්ෂග්‍රාහීත්වය නොසළකා රට පුරා සිටින මව්පියන්ට මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට එක්වන ලෙස ආරාධනා කරන බවයි.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් දරුවන්ට සාධාරණ අවස්ථා ලබා දීමට අපොහොසත් බවත් ඒ වෙනුවට සිසුන්ගේ අනාගතයට හානි කළ හැකි පියවර හඳුන්වාදෙන බවටත් ඔහු චෝදනා කළේය.
ඔහු පැවසුවේ මෙම ප්‍රතිසංස්කරණ, ප්‍රමාණවත් උපදේශනයකින් තොරව කඩිමුඩියේ ක්‍රියාත්මක කරන බවයි.
පාසල් මොඩියුලවලට වෙබ් අඩවි සබැඳි සහ යූ ටියුබ් නාලිකා ඇතුළත් කිරීම පිළිබඳ වීරවංශ කණස්සල්ල පළකළ අතර, එහි ඇතැම් අන්තර්ගතයන් නුසුදුසු බවට ද චෝදනා කළේය.
එවැනි වේදිකාවලට සිසුන් විශාල සංඛ්‍යාවක් යොමු කිරීමෙන් සැළකිව යුතු ආදායමක් උපයා ගත හැකි බව ද ඔහු කියා සිටියේය.
එහිදී මූල්‍යමය වශයෙන් ප්රතිලාභ ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
පාසල් දරුවන්ට බලපාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රවේශමෙන් හඳුන්වා දිය යුතු බවත්, රට පුරා ක්‍රියාත්මක කිරීමට පෙර නියමු ව්‍යාපෘති සහ අධ්‍යාපන විශේෂඥයන් සමඟ පුළුල් උපදේශන අවශ්‍ය බවත් ඔහු පැවසීය.
රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා තෙක් සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වන බවත් වීරවංශ පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart