
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය (අයිස්) මත්පැන් සහ සිගරැට් පාවිච්චි කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස කථානායකවරයා අදාළ නිලධාරීන්ට දැනටමත් උපදෙස්දී තිබේ.
භෝජනාගාර අංශය ඇතුළු අංශ කිහිපයක ඇතැම් සේවකයන් හොර රහසේ මත්පැන්, මත්ද්‍රව්‍ය සහ සිගරැට් පාවිච්චි කරන බවට තොරතුරු ලැබීමෙන් පසු කථානායකවරයා ඉහත පියවර ගෙන ඇත.
මේ අතර මෙම තත්ත්වය වර්ධනය වීමට ඉඩදීම සම්බන්ධයෙන් කථානායකවරයා අදාළ ප්‍රධානීන්ට පසුගියදා දෝෂාරෝපණය කර ඇතැයි ද වාර්තා වේ.
කථානායකවරයාගේ දැනුම් දීමෙන් පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව කළ විමර්ශනයක දී පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්පැන්, මත්ද්‍රව්‍ය සහ සිගරැට් පාවිච්චි කරන කිහිප දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇත.
විදේශයන්හි නිෂ්පාදිත සිගරැට් වර්ග ගෙනැවිත් අලෙවි කරන සේවකයන් කීපදෙනෙකු ගැන ද මෙහිදී තොරතුරු හෙළි වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය පාවිච්චි කළ සේවකයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමෙන් පසු ඔවුන් පාර්ලිමේන්තු සේවයෙන් කාලයකට පෙර ඉවත් කළ බවද එහි ප්‍රධානියෙක් පැවසීය.
(ඉරිදා ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart