
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද සංදේශයකට අනුව එක්සත් ජනපදය කොළඹ සැලැස්මෙන් ඉවත්වන බව නිවේදනය කර තිබේ.
මෙම සතියේ නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ එක්සත් ජනපද අවශ්‍යතාවලට පටහැනි යැයි සැළකෙන පුළුල් පරාසයකට අයත් අන්තර්ජාතික සංවිධාන, සම්මුතීන් සහ ගිවිසුම්වලින් ඉවත්වීමේ පුළුල් තීරණයක කොටසක් ලෙස මෙලෙස කොළඹ සැලැස්මෙන් ඉවත්වන බවයි.
2025 පෙබරවාරි 4 වැනිදා නිකුත් කරන ලද විධායක නියෝගය 14199 යටතේ රාජ්‍ය ලේකම් විසින් පවත්වන ලද සමාලෝචනයකින් පසුව, නිශ්චිත සංවිධානවලින් ඉවත්වීමට වහාම පියවර ගන්නා ලෙස සියලුම එක්සත් ජනපද විධායක දෙපාර්තමේන්තු සහ ආයතනවලට උපදෙස් දෙමින්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද නියෝගයකින් මෙම තීරණයබලාත්මක කරන ලදී.
දේශගුණික විපර්යාස, බලශක්තිය, ප්රජාතන්ත්රවාදය, සංවර්ධන මූල්‍ය, සයිබර් විශේෂඥතාව සහ සංක්‍රමණය ආවරණය වන ආයතන සමඟ, එක්සත් ජනපදය ඉවත්වන එක්සත් ජාතීන්ගේ නොවන සංවිධාන 35 අතරට කොළඹ සැලැස්ම කවුන්සිලය ද ලැයිස්තුගත කර ඇත.
තවදුරටත් සමාලෝචන සිදුවෙමින් පවතින අතර, නීතියෙන් අවසර දී ඇති ප්‍රමාණයට එක්සත් ජනපදය ලැයිස්තුගත සංවිධානවලට සහභාගී වීම හෝ අරමුදල් සැපයීම නවත්වන බව සංදේශයේ සඳහන් වේ.
කොළඹ මූලස්ථානය කරගත් කොළඹ සැලැස්ම, කලාපයේ දීර්ඝතම අන්තර් රාජ්‍ය සංවර්ධන සංවිධානවලින් එකක් වන අතර, 1950 දී කොළඹ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවකින් පසුව 1951 ජූලි මාසයේදී මෙහෙයුම් ආරම්භ කරන ලදී.
එහි වරම දකුණු සහ අග්නිදිග ආසියාව පුරා මානව සම්පත් සංවර්ධනය සහ දකුණු-දකුණු සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරන අතර සාමාජිකත්වය ආණ්ඩු 28ක් දක්වා ව්‍යාප්ත වී ඇත.
ආසියා-පැසිෆික් කලාපය පුරා අධ්‍යාපනය, ඖෂධ ඉල්ලුම අඩු කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති, දේශගුණික සහ පාරිසරික වැඩසටහන් සහ ධාරිතා වර්ධනය සඳහා වන වැඩසටහන්වලට ආධාර කරමින් එක්සත් ජනපදය කොළඹ සැලැස්මේ විශාලතම දායකයන්ගෙන් අයෙකු ලෙස ක්‍රියා කර තිබිණි.
සත්කාරක රටක ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකාව කොළඹ සැලැස්ම ලේකම් කාර්යාලයට සත්කාරකත්වය සපයයි.
එය ශ්‍රී ලංකා රජය සමඟ අවබෝධතා ගිවිසුමක් හරහා වරප්‍රසාද සහ මුක්තිය ලබා දෙයි.
මෙම සංවිධානය දැනට ඖෂධ උපදේශන වැඩසටහන, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ වැඩසටහන, පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා වූ වැඩසටහන සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන ඇතුළු මූලික වැඩසටහන් හතරක් ක්‍රියාත්මක කරයි.
එක්සත් ජනපදයේ ඉවත්වීම සිදුවන්නේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග්, සාමාජික රටවල් අතර වාර්ෂිකව හුවමාරුවන කොළඹ සැලසුම් කවුන්සිලයේ වත්මන් සභාපතිනිය ලෙස කටයුතු කරන අවස්ථාවකයි.
ඇය සංවිධානයේ 79 වැනි සභාපතිනියයි.
කොළඹ පිහිටි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල නේවාසික ප්‍රධානීන්ගෙන් සමන්විත කවුන්සිලය, ප්‍රතිපත්ති මෙහෙයවීමට සහ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට කාර්තුමය වශයෙන් රැස්වේ.
ධවල මන්දිර සංදේශයේ, එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුව, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය, එක්සත් ජාතීන්ගේ කාන්තාවන්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ කලාපීය කොමිෂන් සභා කිහිපයක් ඇතුළුව, එක්සත් ජනපදය අරමුදල් ඉවත් කර ගන්නා හෝ නවත්වන පුළුල් පරාසයක එක්සත් ජාතීන්ගේ ආයතන ලැයිස්තුගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart