
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාව සහ චීනය විසින් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා ග්‍රීන්ලන්තය ‘අයිති කරගැනීමට’ එක්සත් ජනපදයට අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
“ඒ ඒ රටවල්වලට හිමිකාරිත්වය තිබෙනවා නම් ඔබ ඒ හිමිකාරිත්වය ආරක්ෂා කළ යුතුයි, ඔබ බදුදීපු දේ ආරක්ෂා කරන්නේ නැහැ. අපට ග්‍රීන්ලන්තය ආරක්ෂා කරන්න සිදුවෙයි,” ට්‍රම්ප් සිකුරාදා මාධ්‍යවේදීන් ඇමතූ අවස්ථාවේ බීබීසීයේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය.
“අපි ඒ වැඩේ පහසු ක්‍රමයට හරි අමාරු ක්‍රමයට හරි කරනවා” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
ධවල මන්දිරය මෑතකදී පැවසුවේ නේටෝ සාමාජික ඩෙන්මාර්කයේ අර්ධ ස්වයං පාලන භූමියක් අවන ග්‍රීන්ලන්තය මිලදී ගැනීම සිය පරිපාලනය විසින් සළකා බලන නමුත් බලහත්කාරයෙන් ඈඳා ගැනීමේ විකල්පය ද බැහැර නොකරන බවයි.
ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය පවසන්නේ එම භූමිය විකිණීමට සුදානමක් නොමැති බවයි.
මිලිටරි ක්‍රියාමාර්ග මගින් අත්ලාන්තික් ආරක්ෂක සන්ධානයේ අවසානය සනිටුහන් කරනු ඇති බව ඩෙන්මාර්කය පවසා තිබේ.
වඩාත්ම ජනාකීර්ණ භූමිය වුවද, උතුරු ඇමෙරිකාව සහ ආක්ටික් කලාපය අතර ග්‍රීන්ලන්තයේ පිහිටීම මිසයිල ප්‍රහාරවලදී පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා සහ කලාපයේ යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා සුදුසු ස්ථානයක තබයි.
එක්සත් ජනපද ජනාධිපතිවරයා නැවත නැවතත් පවසා ඇත්තේ ග්‍රීන්ලන්තය එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය බවයි.
රුසියානු සහ චීන නැව්වලින් එම ප්‍රදේශයම වැසී ඇති බව සාක්ෂි නොමැතිව එක්සත් ජනපද ජනාධිපතිවරයා කියා සිටී.
දැනටමත් ග්‍රීන්ලන්තයේ වයඹ දිග කෙළවරේ පිහිටි එහි පිටියුෆික් කඳවුරේ ස්ථිරව ස්ථානගත කර ඇති හමුදා නිලධාරීන් 100 කට වැඩි පිරිසක් එක්සත් ජනපදය සතුය.
එය දෙවැනි ලෝක යුද්ධයේ සිට එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කරන ලද කඳවුරකි.
ඩෙන්මාර්කය සමඟ පවතින ගිවිසුම් යටතේ, ග්‍රීන්ලන්තයට අවශ්‍ය තරම් භට පිරිසක් ගෙන ඒමට එක්සත් ජනපදයට බලය ඇත.
නමුත් වොෂින්ටනයේදී වාර්තාකරුවන්ට අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ බදු ගිවිසුමක් ප්‍රමාණවත් නොවන බවයි.
වසර නවයක ගනුදෙනු හෝ වසර 100ක ගනුදෙනු පවා රටවලට කළ නොහැකි බවත් හිමිකාරිත්වයක් තිබිය යුතු බවත් ඔහු පැවසුවේය.
“මම චීනයේ ජනතාවට ආදරෙයි. මම රුසියාවේ ජනතාවට ආදරෙයි, නමුත් ඔවුන් ග්‍රීන්ලන්තයේ අසල්වැසියකු වෙන එක මට අවශ්‍ය නැති දෙයක්, එය වෙන්න දෙන්නේ නැහැ.” යැයි ට්‍රම්ප් පැවසීය.
“ඒ වගේම නේටෝව එය තේරුම් ගත යුතුයි,” යනුවෙන් එක්සත් ජනපද ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.
ඩෙන්මාර්කයේ නේටෝ සහචරයින් වන ප්‍රධාන යුරෝපීය රටවල් මෙන්ම කැනඩාව ද මෙම සතියේ ඔවුන්ගේ සහයෝගයට පෙළ ගැසී ඇත්තේ ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය පමණක් ඔවුන්ගේ සබඳතා පිළිබඳ කරුණු තීරණය කළ යුතු බව නැවත තහවුරු කරන ප්‍රකාශ සමඟිනි.
‘ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ දේශසීමා උල්ලංඝනය කළ නොහැකි බව ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම ආරක්ෂා කිරීම’ සඳහා ද එම රටවල් ඉල්ලා සිටියේය.
වෙනිසියුලාවට එරෙහිව ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා හමුදා බලය යොදා එහි ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසුව, ග්‍රීන්ලන්ත භූමියේ අනාගතය පිළිබඳ කණස්සල්ල නැවත මතු විය.
ට්‍රම්ප් මීට පෙර 2019 දී ඔහුගේ පළමු ජනාධිපති ධුර කාලය තුළ එම දිවයින මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් එය නොවිකුණන බව ඔහුට දන්වන ලදී.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ලබන සතියේ ඩෙන්මාර්කය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෑත වසරවලදී, දේශගුණික විපර්යාස හේතුවෙන් අයිස් දියවන විට ප්‍රවේශ වීම පහසු වෙමින් පවතින දුර්ලභ පාංශු ඛනිජ, යුරේනියම් සහ යකඩ ඇතුළු ග්‍රීන්ලන්තයේ ස්වභාවික සම්පත් කෙරෙහි ද වැඩි උනන්දුවක් ද ඇති වී තිබේ.
විද්‍යාඥයන් සිතන්නේ එහි සැළකිව යුතු තෙල් හා ගෑස් සංචිත ද තිබිය හැකි බවයි.
සිකුරාදා රාත්‍රියේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, විපක්ෂය ඇතුළු ග්‍රීන්ලන්ත පක්ෂ නායකයන් අවධාරණය කළේ සිය රට කෙරෙහි එක්සත් ජනපදයේ නොසළකා හැරීම අවසන් කරන ලෙසයි.
“අපි ඇමෙරිකානුවන් වීමට කැමති නැහැ, අපි ඩෙන්මාර්ක ජාතිකයන් වීමට කැමති නැහැ, අපි ග්‍රීන්ලන්ත ජාතිකයන් වීමටයි කැමති. ග්‍රීන්ලන්තයේ අනාගතය ග්‍රීන්ලන්ත ජනතාව විසින් තීරණය කළ යුතුයි,” යනුවෙන් ඔවුහු පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart