
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හයවැනි ශ්‍රේණියේ මොඩියුල ගැටලුවට අදාළ අර්බුදය පිටුපස සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට සම්බන්ධ දර්ශන සමරවීර නම් නිලධාරියකු සිටින බව විපාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.
“දර්ශන සමරවීර කියන නිලධාරියා ජාතික ජන බලවේගයට සම්බන්ධයි. ඔහුගේ දියණිය පන්නල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කළා. මෙම නිලධාරියා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගුරුවරුන් පිරිසක් සමඟ මොඩියුලය සකස් කරලා තියෙන්නේ. ගැටලුව වන්නේ ලිංගික අධ්‍යාපන ගැටලුවට අමතරව මොඩියුලයේ ව්‍යාකරණ දෝෂ ගණනාවක් තිබීමයි,”යනුවෙන් ඔහු අනාවරණ කළේය.
සමරවීරගෙන් මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර නොමැති බව මන්ත්‍රී ජයසේකර සඳහන් කළේය.
“සමරවීර පැත්තක ඉද්දි අනිත් නිලධාරීන් හැමදාම වගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්නනවා,” ඔහු පැවසීය.
එසේම, සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන ඇතැම් සංවිධාන ද මෙම ගැටලුව පිටුපස සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු පවසන පරිදි ග්‍රාස් රූට් ට්‍රස්ට් නම් තවත් සංවිධානයකට සම්බන්ධ Think Equal නම් සංවිධානය ද මීට ඇතුළත් වේ.
“මන්ත්‍රීවරයෙක් සාමාජිකයකු වන තවත් සංවිධානයකුත් තිබෙනවා,” ඔහු පැවසීය.
තවද, අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවල වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා ඇතැම් වෙබ් අඩවිවලට පිවිසීම තහනම් බව ඔහු පැවසීය.
“ෆින්ලන්තය වගේ රටවල ගුරුවරුන් සඳහා නිර්මාණය කරලා තියෙන වේදිකාවක් හරහා දරුවන්ට වෙබ් අඩවිවලට පිවිසීමට පුළුවන්. ශ්‍රී ලංකා රජයත් මේ කරුණු සැළකිල්ලට ගන්න ඕනේ” ඔහු අවධාරණය කළේය.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart