
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවීන යතුරුපැදි පිරිසිදු කිරීමට ගන්නා උත්සාහයන්ගේ දී ඇඟිලි තුඩුවලට සිදුවන තුවාලවලට ගොදුරුවන රෝගීන් සංඛ්‍යාව ඉහළගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් හා ශල්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය අමතමින් වෛද්‍ය ගනිදු මාධව පැවසුවේ එලෙස තුවාල ලබා පැමිණෙන වැඩි පිරිස අවුරුදු 20ත් 30ත් අතර තරුණයන් බවයි.
අනාරක්ෂිත අයුරින් යතුරුපැදියේ චේන් පිරිසිදු කිරීමට යෑම නිසා ඇඟිලි ආශ්රිත මෙවැනි තුවාල වැඩි වශයෙන් සිදුවන බව ඔහු සඳහන් කළේය.
“යතුරුපැදි නිෂ්පාදකයන් නිශ්චිත කිලෝමීටර ගණනකට පස්සේ සයිකලයේ චේන් එක පිරිසිදු කරන්න කියලා උපදෙස් දෙනවා. කොහොම වුණත්, බොහෝ යතුරුපැදිකරුවන් එන්ජිම පළමු ගියරයේ ක්‍රියාත්මක කරලා ඒ අතරතුර කිසිම ආරක්ෂිත ක්‍රමවේදයක් නැතුව හිස් අත්වලින් චේන් එක පිරිසිදු කරන්න හදනවා. කපුරෙදි කෑල්ලක් වගේ දෙයක් භාවිත කරලා. මෙහෙම කරනකොට අතේ ඇඟිලි චේන් එකේ හිරවෙලා බරපතළ තුවාල වෙනවා. තමන් වැඩකරන අතේ පළමු, දෙවැනි සහ තුන්වැනි ඇඟිලිවලට තමයි වැඩියෙන් තුවාල සිදුවෙන්නේ,” වෛද්‍ය මාධව පැහැදිලි කළේය.
බොහෝ රෝගීන් ඇඟිලි නැවත සවිකර ගැනීම සඳහා රෝහලට පැමිණෙන නමුත් බොහෝ අවස්ථාවලදී ඇඟිලි නැවත සවිකිරීමට නොහැකි තරම් දැඩි ලෙස හානි වී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
බරපතළ තුවාල වළක්වා ගැනීම සඳහා එන්ජිම ධාවනය වන අතරතුර ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් එන්ජිම ධාවනය වන විට චේන් පිරිසිදු කිරීමෙන් වළකින ලෙසත් වෛද්‍ය මාධව යතුරුපැදි භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart