
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළිකුණාටුවෙන් දේපළ හානි වූ ජනතාව නඟාසිටුවීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සමගාමීව සියඹලාපිටිය, යට්ටෝගොඩ, යටහලෙන රජමහා විහාරාධිපති, සාම විනිසුරු, ජාතික මානව හිමිකම් අධ්‍යක්ෂක, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විශාරද පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමිපාණන් වහන්සේ විසින් ඉඩම් පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
මේ අනුව උන්වහන්සේට අයත් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියඹලාපිටිය ප්‍රදේශයේ පිහිටි අක්කර දහයක පෞද්ගලික ඉඩම් කොටසක් මෙලෙස පරිත්‍යාග කළ අතර, අදාළ ලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ඊයේ (07) පස්වරුවේ භාරදෙනු ලැබීය.
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබෙන බවත්, ඒ අනුව ඉඩම් පරිත්‍යාග කිරීමට කැමති අයට අවශ්‍ය තොරතුරු www.rebuldingsrilanka.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.
ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart