
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘එක්සත් ජනපද ජාතික අවශ්‍යතාවලට පටහැනිව ක්‍රියාත්මක වන’ බව පවසමින්, එක්සත් ජාතීන්ගේ නොවන සංවිධාන 35 කින් සහ එක්සත් ජාතීන්ගේ ආයතන 31 කින් එක්සත් ජනපදය ඉවත් කර ගැනීමේ ප්‍රකාශයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබූ බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ධවල මන්දිරය මෙම සංවිධාන මෙතෙක් අනාවරණය කර නැති නමුත් චෝදනා කර ඇත්තේ, එම ආයතන එක්සත් ජනපද ස්වෛරීභාවයට සහ ආර්ථික ශක්තියට පටහැනි රැඩිකල් දේශගුණික ප්‍රතිපත්ති, ගෝලීය පාලනය සහ දෘෂ්ටිවාදාත්මක වැඩසටහන් ප්‍රවර්ධනය කරන බවයි.
එක්සත් ජනපදය සාමාජිකයෙකු හෝ පාර්ශවයක් වන සියලුම අන්තර්ජාතික අන්තර් රාජ්‍ය සංවිධාන, සම්මුතීන් සහ ගිවිසුම් සමාලෝචනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගත් බව එහි සඳහන් විය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි ධූර කාලය ආරම්භ කළ දා සිට, ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා එක්සත් ජනපද අරමුදල් කපාහැරීමට උත්සාහ කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ එක්සත් ජනපද සම්බන්ධතා නවතා දැමූ ට්‍රම්ප්, පලස්තීන සහන ඒජන්සිය වන UNRWA සඳහා අරමුදල් සැපයීම නවතා දමා ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංස්කෘතික ඒජන්සිය වන UNESCO වෙතින් ඉවත් වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත් වන බවට ද ඔහු නිවේදනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart