
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමේ සිද්ධියෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදු වූ මෙම ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.
ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අද (06) අලුයම 2.00ට පමණ පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා තිබිණි.
එම ගින්නට හසු වීමෙන් නිවසට ගිනි තැබූ 43 හැවිරිදි ගෘහමූලිකයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේදීම මියගිය අතර, බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර සිටි 36 හැවිරිදි බිරිඳ මෙලෙස මරණයට පත්වූ බව ගලෙන්බිඳුණුවැව පොලීසිය තහවුරු කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස ප්‍රතිකාර ලබන්නේ මියගිය යුවළගේ 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි වියේ පසුවන මියගිය කාන්තාවගේ මවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart