
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විමර්ශනවලදී අනාවරණය වූ සමහර තොරතුරුවලින් පෙනියන්නේ 2019 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජැස්මින් මියගොස් නොමැති බව යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය විජේපාල හෙළිකළේ සාරා ජැස්මින් දැනට ඉන්දියාවේ සිටින බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
අවශ්‍ය නම්, සාරා ජැස්මින් සඳහා වරෙන්තුවක් ලබාගැනීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
“පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. එකතු කරන ලද තොරතුරු මත පදනම්ව, පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් නීතිමය පියවර ආරම්භ කර තිබෙනවා. ප්‍රහාර පිටුපස කුමන්ත්‍රණයක් තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වනවා. එය ගැඹුරු පරීක්ෂණයක්.”
විමර්ශනවලට බාධාවක් වන බැවින් පාර්ලිමේන්තුවේදී සමහර තොරතුරු හෙළිනොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2019 පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්දමරුදු හි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය බවට අනුමාන කරන ලද සාරා ජැස්මින් සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහ්මාන් මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මෙම ප්‍රකාශය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart