
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයට අනුව, තානාපති ජූලී චුන්ග් ජනවාරි 16 වැනි දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය.
ඇය කොළඹදී එක්සත් ජනපද ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස වසර හතරකට ආසන්න කාලයක් සේවය කර ඇත.
“මම ශ්‍රී ලංකාවේ ගතකරන සෑම මොහොතක්ම ආදරයෙන් සිහිපත් කරනවා. පළමු දිනයේ සිටම, මගේ අවධානය යොමු වී තිබුණේ ඇමරිකාවේ අවශ්‍යතා ඉදිරියට ගෙනයෑම, අපගේ ආරක්ෂක හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම, වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම සහ අපගේ රටවල් දෙකම ශක්තිමත් කරන අධ්‍යාපනය සහ ප්රජාතන්ත්රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ය. එක්ව, අපි ඇමරිකානු ජනතාවට ප්‍රතිඵල ලබාදෙන සහ නිදහස්, විවෘත සහ ආරක්ෂිත ඉන්දු-පැසිෆික් කලාපයකට සහාය වන සම්බන්ධතාවයක් ගොඩනඟා ඇත්තෙමු, ” යැයි සිය සමුගැන්ම පිළිබඳව තානාපති චුන්ග් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
නව එක්සත් ජනපද තානාපතිවරයෙකු පැමිණෙන තෙක් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල්, ඒ.අයි., භාරකාර ලෙස කටයුතු කරනු ඇත.
2022 පෙබරවාරි මාසයේ ආරම්භ වූ තානාපතිනි ජූලි චුන්ග්ගේ ධුර කාලය අතරතුර, 2023 දී එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය, 2024 දී එක්සත් ජනපද සාම බලකායේ ස්වේච්ඡා සේවකයන්ගේ නැවත පැමිණීම සහ ෆුල්බ්රයිට් වැඩසටහනේ 80 වැනි සංවත්සරය ඇතුළු සන්ධිස්ථාන කිහිපයකින් සනිටුහන් වූ බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදන වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart