
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොහුවල, බෝධියවත්ත ප්රදේශයේ මෑතකදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දෙසැම්බර් 30 වන දින කොහුවල, බෝධියවත්ත ප්රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් වෙඩිතබා ඇති අතර, එහිදී 16 හැවිරිදි දැරියක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව, අපරාධය සිදු කිරීමට භාවිත කළ යතුරුපැදිය සැපයීමෙන් අපරාධකරුවන්ට සහාය දුන් සැකකරුවකු බඩෝවිට ප්රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, ඔහු සතුව තිබී ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) ග්රෑම් 15 ක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලිසිය විසින් සිදුකරනු ලැබේ.
මෙම සිද්ධියට අදාළව පොලිස් චිත්ර ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සිතුවමක් මත පදනම්ව පසුගියදා වැරදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණි.
තමාට බොරැල්ල පොලිසියේදී පහරදුන් බව එම පුද්ගලයා පසුව චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart