
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ (06දා) පැවති විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී මෙම තීරණය තිබේ.
ඊට අත්සන් ලබා ගැනීම අද (07දා) ආරම්භ කිරීමට ද තීරණය වී තිබේ.
අධ්‍යාපනික කටයුතු සිදුකිරීමේදී අත්තනෝමතිකව සහ අනවබෝධයෙන් කටයුතු කිරීම සහ 06 ශ්‍රේණිය අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් ඇතිවූ ප්රශ්නය මුල්කර ගනිමින් එම විශ්වාසභංගය යෝජනාව ගෙන ඒමට තීරණය කර ඇත.
අධ්‍යාපන ඇමැතිවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයි පෙරේදා (05දා) පැවැති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී යෝජනා වී ඇති අතර, පසුව එම යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන් පැවති විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර ඇත.
විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂවල එම යෝජනාවට කැමැත්ත පළකළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ‘දිවයින’ට පවසා ඇත.
ඒ අනුව එම යෝජනාවට අත්සන් ගැනීම අද සිට ආරම්භ කර මෙම සතිය තුළ විශ්වාසභංගය කථානායකවරයා වෙත භාරදීමට ද තීරණය කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart