
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 වසර වෙනුවෙන් ශ්‍රී ලංකාව විදේශ රටවල් සමඟ වාසිදායක ගිවිසුම් කිහිපයකට එළඹුණු බවත්, කොන්සියුලර් සේවා ශක්තිමත් කළ බවත්, සංක්‍රමණික සේවකයන් සඳහා සුභසාධන පියවර ගණනාවක් ක්‍රියාත්මක කළ බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ ( 05) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මෙම අදහස් පළ කළේය.
දශක ගණනාවක් පැරණි විදේශ සේවා පත්වීම් පනතේ බොහෝ අඩුපාඩු ඇති බව ඔහු සඳහන් කළ අතර, මෙම වසරේ එය සංශෝධනය කර නව විදේශ රැකියා පනතක් ලෙස ඉදිරිපත් කරන බව නිවේදනය කළේය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, රුපියල් මිලියන 10ක නිවාස ණය ලබා දීම ඇතුළු සංක්‍රමණික සේවකයන්ගේ සුභසාධනය සඳහා පියවර කිහිපයක් ගන්නා බවයි.
සංක්‍රමණික සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ද නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර සඳහන් කළ අතර, ඔවුන්ගේ ගැටළු විසඳීමට තමා පෞද්ගලිකව මැදිහත් වන බව අවධාරණය කළේය.
සංක්‍රමණික සේවකයන්ට කිසියම් ගැටලුවකට මුහුණදීමට සිදුවුවහොත්, සමාජ මාධ්‍ය හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි බවත්, ඒ සඳහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
පැමිණිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා ඉදිරියේදී WhatsApp අංකයක් හඳුන්වාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart