
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසර තුළ මෝටර් රථ ඇතුළු මුළු රථවාහන 312,177ක් ලියාපදිංචි කර ඇති බවත් ඉන් බහුතරය වූ 223,228ක් යතුරුපැදි බවත් ජේබී සිකියුරිටීස් වාර්තා කළේය.
2023 නොවැම්බර් සිට 2025 නොවැම්බර් දක්වා කාලය තුළ සමාගම විසින් සිදුකරන ලද වාහන ලියාපදිංචි කිරීම් විශ්ලේෂණය අනුව 2024 වසරට සාපේක්ෂව 2025 දී ලියාපදිංචි කිරීම් සැළකිව යුතු ලෙස වැඩි වී ඇති බව පෙනීගොස් තිබේ.
2024 දී 823ක් පමණක් වූ මෝටර් රථ ලියාපදිංචිය පසුගිය වසරේදී මෝටර් රථ 22,381ක් බවට පත්ව ඇත.
වාර්තාව මිල අධික, දෙමුහුන් සහ විදුලි වාහන අංශවල වර්ධනය ද ඉස්මතු කළේය.
2025 දී මිල අධික මුළු මගී වාහන 985ක් ආනයනය කර ඇති අතර, දෙමුහුන් වාහන 16,071ක් සහ වසර තුළ විදුලි වාහන 36,501ක් ලියාපදිංචි කර ඇත.
ත්රිරෝද රථ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, 2024 දී ලියාපදිංචිය 8ක් වී තිබූ එම අංශයේ 2025 දී ලියාපදිංචිය 13,768ක් වී තිබිණි.
බස් ලියාපදිංචි කිරීම් 2024 දී පැවති 121 සිට 2025 දී 722 දක්වා ඉහළ ගොස් තිබේ.
ජේබී සිකියුරිටීස් සඳහන් කළේ වාහන ලියාපදිංචි කිරීම් ඉහළ යෑම පාරිභෝගික ඉල්ලුම වැඩිවීම සහ ශ්රී ලංකාවේ දෙමුහුන් සහ විදුලි වාහන සඳහා වර්ධනය වන භාවිතය යන දෙකම පිළිබිඹු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart