
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ මුදල් අවභාවිත කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ පෞද්ගලික සංචාරයකට සහභාගී වීම පිළිබද නඩුවෙන් ඉවත්වීමට අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඉල්ලීම් කර ඇතැයි පැතිරෙන ප්‍රචාරය අසත්‍ය එකක් බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.
මේ වන විට විමර්ශන අවසන්ව ඇති එම සිදුවීමට අදාළව ජනවාරි 28 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමට නියමිය.
එසේ තිබියදී මෙලෙස ප්‍රචාරය කිරීමෙන් එම නඩුවට බලපෑම් කිරීම සහ දිලීප පීරිස්ට බලපෑම් කිරීම සදහා කුමන්ත්රණකාරී උත්සාහයක් ඇතිදැයි සැකයක් මතු වේ.
මෙම නඩුවේ කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වසරේ පළවැනි මාස කිහිපය ඇතුළතම ත්‍රිපුද්ගල මහාධිකරණයක අධිචෝදනා ගොනුකිරීමට සැලසුම් කර තිබේ.
ඒ සදහා නිර්දේශ කර ඇත්තේද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විසිනි.
මේ වන විට පොලිස්පතිවරයාද ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ නඩු ගොනුකිරීම සුදුසු බවට විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.
දැනට විමර්ශනවලට අවශ්‍ය වී තිබෙන්නේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්අකුරු තක්සේරු වාර්තාවක් පමණක් බව ආරංචි මාර්ග පවසයි.
හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයා යන දෙදෙනාටම එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වේ.
මෙම නඩුව ඓතිහාසික නඩුවක් වන අතර, ඒ අනුව, හිටපු ජනාධිපතිවරයෙකු ජනාධිපති ධුරයේ සිටියදී සිදුකළ අපරාධ වරදක් සම්බන්ධයෙන් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන ඉතිහාසයේ පළවැනි අවස්ථාව මෙය වනු ඇත.
(උපුටාගැනීම – whatnews.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart