
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙනිසියුලාවේ මෑත කාලීන සිදුවීම් පිළිබඳ දැඩි කණස්සල්ල පළ කරමින් අන්තර්ජාතික නීතියට සහ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්මවලට අනුකූලව සාමකාමී විසඳුමක් ඇතිකරන්නා ලෙස ශ්‍රී ලංකාව සඳුදා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
ජනවාරි 5 වැනිදා නිකුත් කළ නිවේදනයක විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකා රජය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමේ වැදගත්කම සහ බලය යෙදවීම තහනම් කිරීමේ වැදගත්කම අවධාරණය කරන බවයි.
අන්තර්ජාතික ආරවුල් මැදිහත් වීම්වලින් තොරව සහ සාමකාමීව විසඳා ගැනීමේ අවශ්‍යතාව අදාළ ප්‍රකාශය මගින් අවධාරණය කළ අතර, වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ කලාපීය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සංවාදයට සහ ගැටලුව උත්සන්න වීම අවම කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු එහි අදාළ ආයතන මෙම කාරණය වෙත අවධානය යොමුකර වෙනිසියුලාවේ ස්වෛරී අයිතිවාසිකම්වලට ගරු කරන සාමකාමී ප්‍රතිඵලයක් සඳහා කටයුතු කිරීම වැදගත් බව ද ශ්‍රී ලංකාව පැවසීය.
අදාල් ප්‍රකාශයේ කිසිදු රටක් නම් කර නොමැති අතර නිශ්චිත හමුදා ක්‍රියාමාර්ග ගැන ද සඳහන් කර නොමැත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart