
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදුකරනු ලැබූ විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වෙල්ලාවේලි පොලිසියට අනුයුක්තව රාජකාරි කරන ලද අවිවාහක පොලිස් කොස්තාපල්වරයකුට නිවසේ සිට රාජකාරියට පැමිණීමට මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ අවසරය ලබාගැනීම සඳහා වූ නිර්දේශ ලබාදීමට අදාළ කටයුතු සිදුකරදීමට අවස්ථා කිහිපයකදී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය රු. 72,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරනු ලබන සහකාර පොලිස් අධිකාරිවරයකු ඊයේ (05දා) අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර ඉහත විමර්ශනයට අදාළව අවස්ථා කිහිපයක දී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත කල්මුණේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරනු ලබන කාන්තා පොලිස් සැරයන්වරියෙකු කල්මුණේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් නුවරඑළිය හා කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart