
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සහ අත්අඩංගුවට ගැනීමේදී ඊට විරුද්ධවීම යන චෝදනා එල්ලවීම හේතුවෙන් නවසීලන්ත අධිකරණ ඇමැතිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.
එම රිය අනතුරෙරින් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත.
නවසීලන්ත අධිකරණ ඇමතිනිය වන 39 හැවිරිදි කිරි ඇලන්, රිය අනතුරින් අනතුරුව, බීමත්ව සිටි බව තහවුරු වී ඇත.
ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත නවසීලන්ත මහ මැතිවරණයට පෙර, මේ වසරේ මාර්තු මාසයේ සිට තනතුරින් ඉවත්ව ගිය අගමැති ක්‍රිස් හිප්කින්ස්ගේ කැබිනට් මණ්ඩලයේ සිව් වන ඇමතිවරයා වන්නේ, කිරි ඇලන්ය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු කිරි ඇලන් පැය 04ක කාලයක් පොලීසිය තුළ රඳවාගෙන සිට නිදහස් කර ඇති අතර, පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කර ඇත.
කෙසේ නමුත් ඇය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස රැඳී සිටිනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart