
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය නගරයට ඇතුළු වන චෙම්මනි හන්දියේ නිර්මාංශ නොවන අවන්හලක් සඳහා ව්‍යාපාර ලියාපදිංචි කිරීම යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් ප්‍රාදේශීය සභාව ප්‍රතික්ෂේප කිරීම මතභේදයකට තුඩු දී තිබේ.
ප්‍රතික්ෂේප කිරීමට හේතුව ඒ අවට හින්දු සිද්ධස්ථාන තුනක් පිහිටා තිබීමයි.
කොළඹ ශාඛා කිහිපයක් සහිත ප්‍රධාන අවන්හල් ජාලයකට නල්ලූර් කන්දස්වාමි කෝවිල අසල එහි අලෙවිසැල මීට මාස කිහිපයකට පෙර වසා දැමීමට සිදුව තිබුණේ යාපනයේ හින්දු භක්තිකයන් නියෝජනය කරන බව කියා සිටි කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද විරෝධතාවක් හේතුවෙනි.
ඒ අනුව එම අලෙවිසල නගරයේ වෙනත් ස්ථානයකට ගෙන යෑමට සිදු විය.
නවතම පියවර මෙම සිදුවීමටත් වඩා ඉදිරියට ගිය එකකි.
ව්‍යාපාර ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ප්‍රාදේශීය සභාව තීරණයක් ගෙන ඇත්තේ අනාගතයේදී පවා එම පරිශ්‍රයේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම් නිකුත් නොකිරීමටය.
මෙම පියවර විවේචනය කළ එක් සාමාජිකයකු “සභාව දැන් හින්දු භක්තිකයන් නියෝජනය කරනවා කියන අයගේ පදයට නටනවාද” කියා තම සගයාගෙන් විමසනු බව අසන්නට ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart