
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය භාර අමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා අස්විය යුතු බවත්, අමාත්‍යාංශ නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමට වඩා ඇය ඉල්ලා අස්විය යුතු බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන අයතනයේ ප්‍රධානියා ඉල්ලා අස්වී ඇති බවත්, කමිටුවේ ප්‍රධානියා පත්කර ඇත්තේ අගමැතිනිය බවත්, අමාත්‍යාංශය භාරව සිටින්නේද අගමැති ආචාර්ය හරිනි අමරසූරිය බැවින් ඉල්ලා අස්විය යුත්තේ අගමැතිනිය බවත් ඔහු සඳහන් කරයි.
පිටස්තරයෙකුට පොත මුද්‍රණය කළ නොහැකි බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යාංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම විහිළුවක් බව නාමල් රාජපක්ෂ පැවසීය.
කිසිවෙකුට අමාත්‍යාංශ ලේකම්වරයා නොමඟ යැවිය නොහැකි බවත්, එක් පුද්ගලයෙකුට විෂයයක් හෝ විෂය ක්ෂේත්රයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසයි.
එම තීරණ ගැනීමේදී අදාළ අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා අනිවාර්යෙන්ම දැනසිටින බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart