
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉදිරිපත් කළ මහනගර සභා සහ පළාත් පාලන ආයතන සංශෝධිත පනත් කෙටුම්පතේ වගන්ති ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කරන බව නීතිපතිවරයා අද(24) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත සම්මත කරගත හැකි වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත කර, පසුව ජනමත විචාරණයකින් පසුව බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා ඇත.
මෙමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ඉල්ලා ගොනුකර තිබුණු පෙත්සම් 27 ක් අද විභාගයට සඳහා කැඳවා තිබිණි.
එම පෙත්සම් විභාගය අද අවසන් වූ අතර, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව රහසිගත නිගමනය කතානායකවරයා වෙත දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.
විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලිගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart