January 3, 2026

ඇමරිකානු හමුදා ප්‍රහාරවලින් පසු වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගත් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමට පැය කිහිපයකට පෙර මදුරෝ කැරකස් අගනුවර ජනාධිපති මන්දිරයේදී චීන රජයේ නියෝජිතයෙකු හමුව ඇතැයි වාර්තා වේ.

ඇතැම් විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ මධුරෝ මිරාෆ්ලෝර්ස් මාලිගයේදී ලතින් ඇමරිකානු කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත කියු ෂියාඕකි හමුව ඇති බවයි.

“ජනාධිපති ෂී ජින්පින්ගේ විශේෂ නියෝජිත කියු ෂියාඕකි සමඟ මම සුහද හමුවකට එක්වුණෙමි,” යනුවෙන් මදුරෝ ටෙලිග්‍රෑම් හි සඳහන් කර ඇත.

“සංවර්ධනයේ සහ සාමයේ බහුධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීම සඳහා විවිධ ක්ෂේත්‍රවල ප්‍රගතියක් ලබා ගනිමින් සහ ශක්තිමත් වෙමින් පවතින උපායමාර්ගික සම්බන්ධතාවය සඳහා අපගේ කැපවීම අපි නැවත තහවුරු කළෙමු.” යනුවෙන් ද එහි සඳහන් විය.