
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා හමුදාව ස්ථාන ගත කර ඇති බව වෙනිසියුලාවේ ආරක්ෂක අමාත්‍ය ව්ලැඩිමීර් පැඩ්‍රිනෝ ලෝපෙස් පැවසුවේය.
ඒ වෙනිසියුලාවේ කැරකස් අගනුවර හමුදා කඳවුරු ඉලක්ක කර අමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් අනතුරුවයි.
කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා මේ වනවිටත් නිවේදනය කර ඇත්තේ වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකාව භාරයට ගෙන රටින් පිටතට රැගෙනවිත් ඇති බවයි.
කෙසේවෙතත් වීඩියෝ දේශනයකින් ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කරමින්, ව්ලැඩිමීර් පැඩ්‍රිනෝ ලෝපෙස් පැවසුවේ වෙනිසියුලාවට එරෙහිව මෙතෙක් සිදු වූ නරකම ආක්‍රමණය මෙම ප්‍රහාර මාලාව බවයි.
ඒ අනුව එක්සත් ප්‍රතිරෝධක පෙරමුණක් පිළිබඳ පැවසූ ආරක්ෂක අමාත්‍යවරයා වෙනිසියුලාව සියලු සන්නද්ධ හමුදා යොදවන “මදුරෝගේ නියෝග” අනුගමනය කරන බව ද පැවසීය.
“ඔවුන් අපට පහර දී ඇත, නමුත් ඔවුන් අපව යටත් කර ගන්නේ නැත,” යනුවෙන් ද ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබිණි.
මේ අතර වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පවසා ඇත්තේ ජනාධිපති මධුරෝ හෝ ජනාධිපති ආර්යාව වන සිලියා ෆ්ලෝරස් සිටින ස්ථානය රජය නොදන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart