
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ICC T20 ලෝක කුසලානයට පෙර වැඩිදියුණු කරමින් පවතින කොළඹ සිංහල ක්‍රීඩා සමාජ(SSC) ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 1.7 ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
තරඟාවලිය සඳහා සූදානම්වීමේ දී එම ස්ථානයේ සිදුවන නවතම සංවර්ධන කටයුතු පිළිබඳව ජනමාධ්‍යවේදීන් දැනුවත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය SSC ක්‍රීඩාංගණයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී මේ බව අනාවරණ කළේය.
2026 ICC T20 ලෝක කුසලානයේ සත්කාරක ස්ථානවලින් එකක් ලෙස සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය නම් කර ඇති අතර, ඊට සමගාමීව තරඟ පහක් පැවැත්වීමට නියමිතය.
එහි පළමු තරගය පෙබරවාරි 7 වැනි දින පකිස්ථානය සහ නෙදර්ලන්තය අතර පැවැත්වේ.
ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ජනවාරි 20 වැනි දින වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පැවසූහ.
සංවර්ධන කටයුතුවල ප්‍රධාන අංගයක් වන්නේ, SSC හි පළමුවරට දිවා රාත්‍රී අන්තර්ජාතික තරඟ සඳහා අවස්ථාව ලබාදෙන නවීන ආලෝක පද්ධතියක් ස්ථාපනය කිරීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව, නව ආලෝකකරණ පද්ධතිය අන්තර්ජාතික ක්‍රීඩා සහ විකාශන ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කර ඇති උසස් LED තාක්ෂණය මත පදනම් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart