
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර ගණනාවක් තිස්සේ මහනුවර නගරයේ මහජනතාව වෙනුවෙන් ගමන් කිරීම සඳහා වෙන්ව තිබූ පදික වේදිකාවන්හී අනවසර පදික වෙළඳාමෙහි යෙදීසිටි පදික වෙළඳුන් ඉවත්කිරීමට මහනුවර මහනගර සභාවේ සියලු සභිකවරුන්ගේ එකඟතා තීරණය මත ජනවාරි මස 01 වැනි දින සිට පියවර ගැනීමත් සමග මහනුවර නගරයේ ඉතා ජනාකීර්ණ වූ දළදා වීදීය සම්පූර්ණයෙන් නිදහස් වූ අවස්ථාව මෙහි දැක්වෙයි.
මහනුවර වැවේ පසෙකින් ඇති පදික වේදිකාවද අනවසර පදික වෙළඳුන් විසින් අත්පත් කරගෙන තිබූ අතර එම පදික වේදිකාවන්වලද සිටි අනවසර
පදික වෙළඳුන්ද ඉවත් කිරීම සිදුවිය.
මහනුවර වත්මන් ජාතික ජන බලවේග පාලනය විසින් ගත් තීරණයක් මත නගරයේ ජනතාවගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බව මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක පැවසීය
සිකුරාදා (02) පෙරවරුවේ මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහගේ අධීක්ෂණ මත නාගරික වැටළීම් අංශයේ නිලධාරිහු පිරිසක් නගරයේ පුරා පදික වේදිකාවන්වල සියලු අනවසර වෙළඳුන් ඉවත් කිරීමට පියවර ගත්හ.
මහනුවර නගරයේ වසර විසිපහක කාලයක් පදික වේදිකාවන්වල වෙළඳාම් කරමින් සිය ජීවනෝපාය මාර්ග සලසාගත් පදික වෙළඳුන්ට විකල්ප ස්ථාන ලබාදීමට පියවරගත් බව මහනුවර මහනගර සභාව පවසයි.(CNU News)




Adding {{itemName}} to cart
Added {{itemName}} to cart