
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහනගර සභාවේ අයවැය සම්මත වීම හමුවේ ජනතාවාදී පාලනය ශක්තිමත් කිරීම සඳහා නැවත අවස්ථාව හිමිව ඇතැයි නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පවසයි.
ජනතාවට සහන සැලසීම සඳහා ජනතාවගේ අවශ්‍යතා සහ ඔවුන් ඉල්ලා සිටින දේ ලබාදීම වෙනුවෙන් මාස 06ක් වැනි කාලයක් තුළ දීර්ඝ ලෙස සාකච්ඡා කර සැකසූ අයවැය සම්මත කරගැනීම සඳහා සිය හෘද සාක්ෂියට එකඟව ඡන්දය ලබාදුන් මන්ත්‍රීවරුන්ට තමන් ගරුකරන බව ද ඇය පැවසුවාය.
මෙම අයවැය හරහා ජනතාව ශක්තිමත් කිරීමට හැකියාව පවතින බවත් ඇය පැවසුවාය.
එමෙන්ම කොළඹ මහ නගර සභාවේ අයවැය පළමුවරට පරාජයට පත්වීමෙන් අනතුරුව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් ”කොළඹ අපේ” යැයි පළකළ අදහස් සම්බන්ධයෙන් ද ඇය ප්‍රතිචාර දැක්වුවාය.
එහිදී කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය පැවසුවේ කොළඹ නගරය සැමදා ජනතාව සතු බවත්, කුමන පාර්ශවයක් වුව ද කටයුතු කළයුතු වන්නේ ජනතාව ගන්නා තීරණ අනුව බවත් ඇය පැවසුවාය.
එමෙන්ම කොළඹ නගරාධිපතිනිය පැවසුවේ එවැනි ප්‍රකාශ උද්දච්ඡකම හේතුවෙන් සිදුකරන ඒවා බැවින් ඒවායේ අතුරු ප්‍රතිපල එම පක්ෂවල නායකයන්ට ලැබීමට නියමිත බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart