
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව වසරේ රථ වාහන සහ මාර්ග ආරක්ෂාව සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන් 9000 ක් දිවයින ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් පැවසීය.
වාර්තාවන රිය අනතුරුවලින් සියයට85 ක් පමණක් මානසික හේතූන් මත වාර්තාවන අපරාධ ලෙස හඳුනාගෙන ඇති බවත් ඉවසීම, විනය, රථ වාහන නීතියට අනුගතනොවීම, යුක්ති සහගත ලෙස සැලකිල්ලක් නොදැක්වීම එම මානසික හේතූන් ලෙස හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
යාන්ත්‍රික දෝෂ හේතුවෙන් සියයට 15ක් පමණ රිය අනතුරු සිදුවන අතර ටයර්, තිරිංග, සංඥා විදුලි පහන්, අම්බලන් වූ තත්වයන් ඇතුළු සියලු කරුණු කාරණා යාන්ත්‍රික දෝෂ ලෙසින් හඳුනාගෙන ඇති බවද පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ, ඉස්සර කිරීම, වම සහ දකුණට හැරවීමේ දී නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම රථ වාහන අනතුරුවලට ප්‍රධාන කරුණක් බවය.
2024 වසරේ මාර රිය අනතුරු 2287 කින් 2388 ක් අකාලයේ මියගොස් ඇති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ගිය වසරේ මාරක රිය අනතුරු 2562 කින් 2710 ක් අකාලයේ මියගොස් ඇති බවය.
ඉකුත් 2024 වසර සහ පසුගිය වසර සංසන්දනය කිරීමේ දී 322 ක් පසුගිය වසරේ වැඩිපුර මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart