
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ පවතින ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් හා ප්‍රවාහන පද්ධතිවලට සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, මෙම පද්ධති සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයට පත්කරන තෙක් 2026 දී පාසල් වේලාවන් දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව් 2026 පාසල් වර්ෂය සඳහා ප්‍රධාන තොරතුරු පහත පරිදි වේ:
– 5-13 ශ්‍රේණි සඳහා පාසල් වේලාවන් පෙ.ව. 7:30 සිට ප.ව. 1:30 දක්වා පවත්වනු ඇත
– රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් සඳහා පළමු වාරය 2026 ජනවාරි 5 වැනි දින ආරම්භ වේ
– දිනකට කාල පරිච්ඡේද ගණන (6–13 ශ්‍රේණි): 7, එක් කාල පරිච්ඡේදයකට මිනිත්තු 45 බැගින්
– 2026 දී 1 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කෙරේ
– 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු 2026 ජනවාරි 21 වැනි දින විධිමත් ලෙස ආරම්භ වේ
– 1 ශ්‍රේණියේ සිසුන් හඳුනාගැනීම 2026 ජනවාරි 5 වැනි දින ආරම්භ වන අතර විධිමත් අධ්‍යයන කටයුතු 2026 ජනවාරි 29 වන දින ආරම්භ වේ
– 1 ශ්‍රේණිය සඳහා ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණිය සඳහා ඉගෙනුම් මොඩියුල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර බෙදාහැර ඇත
– අනෙකුත් ශ්‍රේණි සඳහා පෙළපොත් දැනටමත් සම්පූර්ණයෙන්ම බෙදාහැර ඇත
– 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වේ
– මෙම විධිවිධාන පිළිබඳ සවිස්තරාත්මක චක්‍රලේඛයක් 2026 ජනවාරි 2 වන දින නිකුත්කෙරේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart