January 1, 2026

තායිවානය වටා චීන හමුදාව සිදු කළ හමුදා අභ්‍යාස මගින් යුද්ධය උත්සන්න වීමේ අවදානම වැඩි කරන බවට බ්‍රිතාන්‍ය චෝදනා කර තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය චීනයෙන් ඉල්ලා ඇත්තේ සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය පවසා ඇත්තේ තායිවාන ගැටලුව යනු තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපසම ජනතාව විසින් ඵලදායී සංවාදයක් හරහා සාමකාමීව විසඳා ගත යුතු ගැටලුවක් ලෙස බ්‍රිතාන්‍ය සලකන බවයි.

එබැවින් තර්ජනයක් හෝ බලයක් හෝ බලහත්කාරකමක් භාවිතා නොකර ගැටලු විසඳා ගත යුතු බව ද බ්‍රිතාන්‍ය පවසා ඇත.

එමෙන්ම පවතින තත්ත්වය වෙනස් කිරීමට හෝ එය අස්ථාවර කිරීමේ අවදානමක් ඇති ඕනෑම ක්‍රියාකාරකමක් සඳහා බ්‍රිතාන්‍ය කිසිදු ඒකපාර්ශ්වික උත්සාහයකට සහාය නොදක්වන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.