
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිගරට් ෆිල්ටර් තහනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පරිසර අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවයන් සමඟ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය රජයට යෝජනාවක් කෙටුම්පත් කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටී.
එම අධිකාරියේ සභාපති ආචාර්ය ආනන්ද රත්නායක පැවසුවේ, මෙරට දිරාපත් නොවන අපද්‍රව්‍ය නිෂ්පාදනවලින් එකක් වන සිගරට් ෆිල්ටර් තහනම් කිරීම සඳහා ආයතනය දැනට සාකච්ඡා කරමින් සිටින බවයි.
“ශ්‍රී ලංකාවේ, දිනකට සිගරට් ෆිල්ටර් මිලියන හයක් පමණ පරිසරයට එකතු වනවා. එය රටේ දිරාපත් නොවන අපද්‍රව්‍ය නිෂ්පාදනවලින් විශාල කොටසක්. සිගරට් ෆිල්ටර් පරිසරයට බැහැර කිරීමෙන් විශේෂයෙන් ජල මූලාශ්‍රවලට වන හානිය හඳුනාගෙන තිබෙනවා. ඒවා අපගේ ජල සම්පත්වලට එකතුවීම මේ දිනවල පරිසරය මුහුණ දෙන විශාල ගැටලුවක්,” ඔහු තවදුරටත් පැවසීය.
“මෙම ව්‍යාපෘති යෝජනාව මගින් ප්‍රධාන ප්රතිලාභ කිහිපයක් ලබාගැනීමට අපේක්ෂා කරනවා. පළමුව, පරිසර සංරක්ෂණය. දෙවනුව, සිගරට් ‘ෆිල්ටර්’ සෞඛ්‍ය උපද්‍රව අඩු කරන ‘විෂ සහිත රසායනික ද්‍රව්‍ය සඳහා පෙරහනක්’ ලෙස ක්‍රියා කරන බවට ඇති වැරදි මතය දුරු කිරීම, ඇත්ත වශයෙන්ම සිද්ධවෙන්නේ ඒකෙ අනිත් පැත්ත”. ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේ (2025) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති දුම්කොළ පාලනය පිළිබඳ 11 වැනි සමුළුවේදී, රට තුළ සිගරට් ෆිල්ටර් තහනම් කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රජාවගේ යෝජනාව ශ්‍රී ලංකාව පිළිගත් අතර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සමඟ එක්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පිළිගෙන තිබේ.
මේ අතර, මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙවත් ADIC සංවිධානයට අනුව, ශ්‍රී ලංකාවේදුම්වැටි අලෙවිය පහත වැටුණද දුම්කොළ සමාගම් ලාභ උපයමින් සිටින අතර එය රජයේ බදු ප්‍රතිපත්ති පිළිබඳ කණස්සල්ලට හේතු වී තිබේ.
සමාගම්වලට ප්රතිලාභ ලබාගැනීමට ඉඩ සලසන දුර්වල බදු මූලධර්ම මූලික හේතුව ලෙස ADIC සංවිධානය පෙන්වා දුන්නේය.
ADIC හි විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් පවසන්නේ වසර ගණනාවක් තිස්සේ රට තුළ දුම්කොළ පරිභෝජනය පහත වැටෙමින් පවතින නමුත් සමාගම්වල ලාභය අඛණ්ඩව ඉහළ යන බවයි.
“සමහර අවස්ථාවලදී, බදුවලින් සියයට 50කට වඩා දුම්කොළ සමාගම් වෙත ආපසු යනවා,” ද සේරම් චෝදනා කළේය.
මෙම වසරේ (2026) අයවැය තවදුරටත් කණස්සල්ලට හේතු වී ඇති බවත්, නිෂ්පාදනය සහ පරිභෝජනය අධෛර්යමත් කිරීම සඳහා නව බදු හඳුන්වා දී නොමැති බවත් ඔහු තවදුරටත් පැවසීය.
2023 දී සිගරට් අලෙවිය පහත වැටුණද, සමාගම්වල ලාභ වැඩි වූ බව වාර්තා කළ අතර, එයට හේතුව පිරිවැය අඩු කිරීමේ පියවරයන් ය.
බදු ප්‍රතිසංස්කරණ හරහා ආදායම වැඩිකිරීම රජයේ අරමුණ වන අතර, දුම්කොළ භාවිතය මැඩපැවැත්වීමට සහ සෞඛ්‍ය ගැටළු විසඳීමට තවත් බොහෝ දේ කළ යුතු බවට විචාරකයෝ තර්ක කරති.
ගැටළු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart