
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක සඳහන් වෙබ් අඩවියකට ප්‍රවේශ වීම විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අවහිර කර ඇතැයි වාර්තා වේ.
භාෂා ඉගෙනීම සඳහා භාවිතා කරන මුද්‍රිත පාසල් ද්‍රව්‍යවලට එය ඇතුළත් කිරීම පිළිබඳ සමාජය තුළ දැඩි කතාබහකට ලක්වීමෙන් අනතුරුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මෙරට අන්තර්ජාල සේවා සපයන්නන් හරහා වෙබ් අඩවියට ප්‍රවේශ වීම සීමා කර ඇතැයි පැවසේ.
අධ්‍යාපනික මොඩියුල සඳහා නුසුදුසු වෙබ් අන්තර්ගතයන් ඇතුළත් කිරීම පාසල් දරුවන්ට බරපතල අවදානමක් ඇති කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද චෝදනා කළ අතර ඔහු පැවසුවේ මෙම සිද්ධිය හමුවේ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා අස්විය යුතු බවයි.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බැලූ අතර එය තහවුරුවීමෙන් පසුව වහාම නිවැරදි කිරීමේ පියවර ගත් බවයි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයේ ප්‍රතිඵල මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, අනාගත විෂයමාලා ප්‍රතිසංස්කරණවලදී මෙවැනි අඩුපාඩු සිදුවීම වළක්වා ගැනීමට පියවර හඳුන්වා දෙන බවත් එම අමාත්‍යංශයේ බලධාරීන් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart