
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-පාකිස්තාන සංචාරය රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා කැපකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව, වැඩසටහන පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා තරඟාවලිය පුරා පියවර කිහිපයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.
‘ශ්‍රී ලංකා පාකිස්තාන සංචාරයෙන්’ උපයන ආදායම රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට පරිත්‍යාග කිරීම එවැනි එක් පියවරක් වනු ඇත.
ශ්‍රී ලංකාව ගෝලීය ප්‍රේක්ෂකයන් අතරට ප්‍රවර්ධනය කිරීම සඳහා #VisitSriLanka හැෂ් ටැගය තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණවලදී ප්‍රවර්ධනය කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු රජයේ ප්‍රතිසාධන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහාය දැක්වීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උත්සාහයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව නිවේදනයේ දැක්වේ.
තරග තුනකින් යුත් T20I තරගාවලිය 2026 ජනවාරි 07, 09 සහ 11 යන දිනවල දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart