December 31, 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘චූටි මල්ලි’ ලෙස හැඳින්වෙන රසික චන්දික කුමාර ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ හවුල්කරුවකු ද ලෙස සැළකෙන සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තහවුරු කළේය.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.

ඒ අනුව සැකකරු නැවත මෙරටට ගෙන ඒම සඳහා පිටුවහල් කිරීමේ ක්‍රියාපටිපාටි ආරම්භ කරන ලෙස ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 30 හැවිරිදි මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල මෙහෙයුම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇත.