
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2026 ජනවාරි 5 වැනිදා පාසල් නැවත විවෘත කරන විට, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ සහ බලපෑමට ලක් වූ පාසල්වල ඉගෙනුම ලබන සෑම පාසල් දරුවකුටම තම අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යෑමට ස්ථානයක් ලබාදීම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පවසන්නේ සුළි කුණාටුවෙන් පසු සිසුන් සහ පවුල් මුහුණදෙන දුෂ්කරතා අවම කිරීමට පාසල් නිවාඩු දීර්ඝකර ඇති බවයි.
“පාසල් නැවත පටන් ගත්තට පස්සේ, අදාළ ගැටළුවලට ස්ථිර විසඳුම් සොයා ගන්නකන් සිසුන්ව දින නියමයක් නොමැතිව නිවසේ තියාගන්න බැහැ. සමහර දරුවන්ට පාසල් යෑමට අවසර දෙනවා නම්, අනෙක් අයට නිවසේ ඉන්න දෙන්න කියලා ඉල්ලන්න බැහැ.” ඔඅහු පැවසීය.
ජනවාරි 5 වැනිදා සිට සියලුම සිසුන්ට පාසල් යෑමට හැකිවන පරිදි කටයුතු සම්පාදනය කරන ලෙස පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇති බව ඔහු පැවසීය.
“මෙම කාලය තුළ, අදාළ බලධාරීන් සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට, අවශ්‍ය අවස්ථාවලදී විකල්ප විධිවිධාන යෙදීමට සහ ක්ෂණික අවශ්‍යතා සපුරාලීමට පියවර ගනිවී. නව පාසල් වාරය ආරම්භ වෙද්දී කිසිදු දරුවෙක් නිවසේ නොසිටින බවටත් සෑම සිසුවකුම පාසල් අධ්‍යාපනය නැවත ආරම්භ කරන බවටත් සහතික කිරීම අපගේ අරමුණයි.”යැයි ඔහු පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් කළුවැව පැවසුවේ අනාරක්ෂිත යැයි හඳුනාගෙන ඇති පාසල්වල සිසුන්ට ඔවුන්ගේ පාසල් ගොඩනැගිලි අනතුරුදායක යැයි සැළකීම නිසා නිවසේ රැඳී සිටිය නොහැකි බවයි.
ඔවුන් වෙනත් පාසල් වෙත යොමු කරන බව ඔහු පැවසීය.
“තාවකාලික නවාතැන් ලෙස දැනට භාවිත කරන පාසල්වල සිසුන් අසල පාසල් වෙත ගෙන යෑමට ද සැලසුම් කරලා තියෙනවා. මෙම ක්‍රියාවලියේදී ප්‍රායෝගික අභියෝග එයි. නමුත්, සියලුම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට අපි උපරිම උත්සාහයක් දරනවා.” ඔහු සඳහන් කළේය.
ව්‍යුහාත්මක හානි හෝ අනාගත ස්වාභාවික උපද්‍රවවලට ගොදුරුවීමේ අවදානම හේතුවෙන් ආපදාවන්ට ලක්විය හැකි ප්‍රදේශවල පාසල් ගණනාවක් අවදානම් සහිත බව හඳුනාගෙන ඇත.
සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් සඳහා නවාතැන් දීම සඳහා ද පාසල් කිහිපයක් තාවකාලික නවාතැන් බවට පරිවර්තනය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart