December 30, 2025

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ දුම්රිය මාර්ග සහ පාලම් අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකාව චීනයෙන් සහාය ඉල්ලා තිබේ.

කොළඹ චීන තානාපතිවරයා සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර පැවති හමුවකදී මෙම ඉල්ලීම සිදුකර ඇත.

තානාපති චී ෂෙන්හොං එම ඉල්ලීම වහාම චීන රජයට දැනුම්දෙන බවට පොරොන්දු වී ඇති බව විදේශ අමාත්‍යවරගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ අනෙකුත් හානි ද චීනය තක්සේරු කර ලබාදිය හැකි සහාය පිළිබඳ දැනුම්දෙන බව ඔහු ප්‍රකාශකර ඇත.

ප්‍රදානයක් ලෙස ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවීම සළකා බලන ලෙස ද අමාත්‍ය හේරත් චීනයෙන් ඉල්ලා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන විදුලි වාහන වන්නේ චීන විදුලි සන්නාමයන්ය.