
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු යාපනය මන්ඩතිව් හි දැනට සිදුවෙමින් පවතින බවත් සැලසුම් කළ පරිදි ඉදිරියට යන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ අතර එමනිසා 2026 ජනවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළමු අත්හදා බැලීමේ තරගය ඇතුළු නියමිත වැඩසටහනට බාධා එල්ල වූ බවයි.
මේ වන විට වැඩ නැවත ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සත්කාරකත්වය දරන 2026 ICC පිරිමි T20I ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වීමෙන් පසුව අත්හදා බැලීමේ තරගය පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආය්ටහ්නය පවසයි .
සැලසුම් කළ කාලරාමු තුළ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසයෙන් සිටී.
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය අක්කර 48ක භූමි ප්‍රමාණයක සංවර්ධනය කෙරෙන අතර, මධ්‍ය කඩුලු 10ක් ඇතුළත් වේ.
මායිම් දුර මීටර් 80 දක්වා විහිදේ.
ක්‍රීඩාංගණය ඉදිකිරීම, අක්කර 138ක මුළු භූමි ප්‍රමාණයකින් යුත් යාපනයේ ක්‍රීඩා නගරයක් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුළුල් දැක්මේ කොටසකි.
මෙම සන්ධිස්ථානීය මුලපිරීම ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රිකට් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් ජයග්‍රහණයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මාර්ග වැඩසටහනට එය අනුපූරක බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart