
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට ආවේණික නව මකුළුවන් විශේෂ 06ක් සොයාගෙන තිබේ.
දිවයිනේ වනාන්තරවල ජීවත් වන බොහෝ දුරට ගවේෂණය නොකළ Utivarachna මකුළුවන් විශේෂ වල පැවතීම පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකීය පර්යේෂකයන් වන නාරුවන් දයානන්ද සහ සුරේෂ් බෙන්ජමින් විසින් සිදුකරන ලද ක්ෂේත්‍ර කටයුතු මගින් මෙම ශ්‍රී ලංකාවට ආවේණික නව මකුළුවන් විශේෂ 06 සොයා ගෙන ඇත.
ඔවුන් සිදු කළ අධ්‍යයනයේ දී, ප්‍රජනක රූප විද්‍යාව මත සහ ශ්‍රී ලංකාවේ යාවත්කාලීන Utivarachna ව්‍යාප්තිය පිළිබඳ දැනුම පදනම්ව, නව මකුළු විශේෂ හය විස්තර කර තිබේ. ඒ අනුව,
1) U.boo sp. nov.
2) U.haputale sp. nov.
3) U.loolecondera sp. nov.
4) U.mandaram sp. nov.
5) U.peekaboo sp. nov.
6) U.upcotensis sp. nov.,ලෙස සදහන් කර ඇත.
එසේම දකුණු ආසියාවේ, ඔවුන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමට සහ කලාපයේ මකුළුවන් පිළිබඳ පුළුල් දැනුමට දායක වීමට මෙම පර්යේෂකයන් බලාපොරොත්තු වන බව සදහන් කරයි.
කුඩා මකුළු කුලයක් වනTrachelidae කුලයට දැනට ගණ 29 කට අයත් විශේෂ 300 කින් සමන්විත වන අතර එම විශේෂ ලොව පුරා ව්‍යාප්තව ඇති බව මෙම අධ්‍යයනයේ දී සදහන් කර ඇත. තවද ශ්‍රී ලංකාවෙන් Trachelidae කුලයෙහි, Orthobula Simon, 1897 (1 sp.), Trachelas L. Koch, 1872 (2 spp.), and Utivarachna Kishida, 1940 (1 sp.), යන ගණ තුනකට අයත් මකුළු විශේෂ හතරක් සදහන් කර තිබුණු බව සහ මෑතකදී කිසිදු විස්තරාත්මක අධ්‍යයනයක් එම විශේෂ පිළිබදව සිදුකර නොමැති බව පෙනීයයි.
විශේෂයෙන්, අග්නිදිග ආසියාව පුරා සැලකිය යුතු විවිධත්වයක් ඇති ගණයක් වන Utivarachna, හි පැවැත්ම සහ ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේ එහි තනි විශේෂයකට තවමත් සීමා වී ඇති බව සදහන් කර ඇත.
බොර්නියො වලින් හමුවුණු U. fukasawana යන විශේෂයෙහි, උඩු කබල (carapace) හි පසුපස කෙළවර වෘන්තය තුලට (stalk) දිගු වීමෙන් ඇතිවුණු කැපීපෙනෙන වෙනස්කම හේතුවෙන් මෙම ගණය මුලින්ම Kishida (1940) විසින් ඉදිරිපත් කර ඇති අතර පසුව ඩීල්මන්-රයින්හෝල්ඩ් (2001) විසින් අග්නිදිග ආසියානු විශේෂ බහුතරයක් විස්තර කර ඇති අතර දෛහික (somatic) සහ ජානමය රූප විද්‍යාවේ සංයෝජනයක් මත පදනම්ව එම ගණය විශේෂ කාණ්ඩ හතරකට බෙදා ඇත.
(තොරතුරු මූලාශ්‍ර – පරිසර සමාගම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart