December 29, 2025

ඊයේ දිනයේදී මොණරාගල හඳපානාගල ප්‍රදේශයෙන් තවත් වන අලියකු මියයෑමක් වාර්තා විය.

ගම්මානයේ සැරිසැරූ වන අලියකු හඳපානාගල, කොට්ටගස් හන්දිය ප්‍රදේශයේ වගා ඉඩමකට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී විදුලි සැර වැදී මියගොස් තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත පැමිණි වනජීවී නිලධාරීන් විසින් මළසිරුර සොයා ගෙන ඇත.

පරීක්ෂණ අතරතුර, වනජීවී නිලධාරීන් ඉඩමේ හිමිකරු සහ අඹ වගාව රැකබලා ගත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අඩි අටක් උසැති මෙම තරුණ අලියා වයස අවුරුදු 25 ක් පමණ වන බව නිලධාරීහු පවසති.

වැල්ලවාය පොලිසිය සහ හඳපානාගල වනජීවී කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.