
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් මෙරට මෝටර් රථ වෙළඳපොළ අරගලකාරී තත්ත්වයක පවතී.
ඒ අනුව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසන්නේ බොහෝදෙනකුට මේ වන විට මෝටර් රථ මිලදී ගැනීමට නොහැකි නිසා මෝටර් රථ අලෙවිය 50% කින් පහතවැටී ඇති බවයි.
මහනුවර සහ තවත් බොහෝ ප්‍රදේශවල ගනුදෙනුකරුවන්ට දැනටමත් ආරම්භ කර ඇති මිලදීගැනීම් සම්පූර්ණ කිරීමට තවදුරටත් හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.
මාස තුනක් ඇතුළත අලෙවි නොවන ආනයනික මෝටර් රථ සඳහා වාහන ආනයනකරුවන්ට මේ වනවිට 3%ක මාසික දඩයකට මුහුණදීමට සිදුව තිබේ.
එමෙන්ම ප්‍රසාද් මානගේ පවසන්නේ, තම නිවස ජලයෙන් යට වූ විට මිනිසුන් මෝටර් රථ මිලදී ගැනීම ගැන නොසිතන බවත් විකුණුම් 50% කින් පමණ පහත වැටී ඇති බවයි.
පාරිභෝගිකයන් ඔවුන්ගේ අත්තිකාරම් ආපසු ඉල්ලා පැමිණෙන බවත්, ඔවුන් දුෂ්කරතාවලට මුහුණ පා ඇති බැවින් එම අත්තිකාරම් ආපසු ලබාදෙන බවත් ඔහු පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ, නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති නමුත් බොහෝ ආනයනකරුවන් ද ගැටලුවට මුහුණදුන් බවයි.
වාහන ආනයනකරුවන් ද සුළිකුණාටුවේ බලපෑමට ලක්වූ බැවින් ඔවුන්ට ද සියයට 3 ක දඩයෙන් සහනයක් ඉල්ලා සිටින බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ට මාස හයක දිගුවක් අවශ්‍ය බවත් ප්‍රසාද් මානගේ පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart