December 29, 2025

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ පටයක් පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ, ඇය සහ තවත් පිරිසක්වි නෝද වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් නිසා වැරදි මතයක් සමාජගත වී ඇති බවයි.

අය පවසන්නේ, එම වීඩියෝවේ දැක්වෙන්නේ, මෙම වසරේ ඔක්තෝබර් මාසයේ පැවති සාදයක් බවයි.

එය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අවස්ථාවක වීඩියෝවක් බව ඇය පවසයි.

“උත්සවයකින් පසු පක්ෂ සාමාජිකයන් කිහිපදෙනෙක් එකතුවෙලා අපි විනෝද වුණා. අපි සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශවල කනවා බොනවා. ඒක කොළඹ මහනගර සභාවේදී ජාතික ජන බලවේගයේ පරාජය සමරන අවස්ථාවක් බව පවසන වාර්තාව බොරුවක්” ඇය වැඩිදුරටත් සඳහන් කරයි.