December 29, 2025

මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ බෝම්බ පිපි­රී­මක් සිදුවන බවට එම කාර්යා­ලයේ නිල විද්‍යුත් ලිපි­න­යට ඊමේල් පණි­විඩ දෙකක් යොමු කර ඇත්තේ දකුණු ආසි­යානු රටක සිට බවට තොර­තුරු අනා­ව­ර­ණය වී තිබෙන බව රජයේ ‘දිනමිණ’පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, පසු­ගිය දෙසැ­ම්බර් මාස­යේදී ද මේ ආකා­ර­යෙන් එම රටේම සිට ඊමේල් පණි­විඩ යොමු කර තිබෙන බව ද මේ වන විට පරී­ක්ෂ­ණ­ව­ලින් හෙළිකර­ගෙන තිබේ.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පරී­ක්ෂ­ණ­යක් මේ වන විට ආරම්භ කර තිබේ.

එක් ඊ මේල් පණි­වි­ඩ­යක් පසු­ගිය 23 වැනි දින ලැබී තිබෙන අතර, ඒ සම්බ­න්ධ­යෙන් දිස්ත්‍රික් ලේක­ම්ව­රයා දැනු­වත් කර ඇත්තේ 26 වැනි දින පෙර­ව­රු­වේය.

ඒ පිළි­බ­ඳව දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩ­වත්ත මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලි­ස්පති සුදත් මාසිං­හගේට කරන ලද පැමි­ණි­ල්ල­කින් පසු බෝම්බ නිෂ්ක්‍රිය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨා­සය සහ පොලිස් විශේෂ කාර්ය බළ­කා­යෙන් කාර්යාල පරි­ශ්‍රය ක්ෂණික සෝදිසි කිරී­ම­කට ලක්කරනු ලැබීය.

එම අව­ස්ථාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරි­ශ්‍රයේ නවතා තිබූ සියලු වාහන සෝදිසි කිරී­මෙන් පසු අදාළ තොර­තුර ව්‍යාජ එකක් බවට පොලී­සිය ප්‍රකා­ශ­යක් ද කළේය.

අන­තු­රුව දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ දෛනික රාජ­කාරි කට­යුතු ආරම්භ කර පැයක් යන්නට මත්තෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ නිල විදත් ලිපි­න­යට තවත් පණි­වි­ඩ­යක් යොමු කර­මින් දැනුම් දී ඇත්තේ පස්වරු 4.00 ට පෙර එම පරි­ශ්‍රයේ පිපි­රී­මක් සිදුවන බවයි.

ඒ සම්බ­න්ධ­යෙන් යළිත් පොලී­සිය දැනු­වත් කිරී­මෙන් පසු යළිත් වරක් බෝම්බ නිෂ්ක්‍රිය අංශය ඇතුළු කණ්ඩා­යම් කිහි­ප­යක් පැමි­ණීම හේතු­වෙන් බියට පත් දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ සේවක සේවි­කා­වන් බහු­ත­ර­යක් දෙනා දින භාග­යක නිවාඩු දමා පිටව යෑම හේතු­වෙන් සේවා ගැනී­මට පැමිණි මහ­ජ­න­තාව දැඩි අසී­රු­තා­වට පත්විය.

නත්තල් නිවා­ඩු­වෙන් පසු සති අන්ත නිවා­ඩු­වට පෙර රජයේ කාර්යාල විවෘත කර තිබෙන එකම දිනය වූ 26 වැනි දින සේවා ලබාගැනී­මට නොහැකිවීමෙන් තමන් දැඩි අසී­රු­තා­වට පත්වූ බව රියැ­දුරු බල­පත්‍ර අලුත් කිරීම ඇතුළු සේවා ගැනී­මට පැමිණි පිරිස් ප්‍රකාශ කළහ.