
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ පිපිරීමක් සිදුවන බවට එම කාර්යාලයේ නිල විද්‍යුත් ලිපිනයට ඊමේල් පණිවිඩ දෙකක් යොමු කර ඇත්තේ දකුණු ආසියානු රටක සිට බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව රජයේ ‘දිනමිණ’පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, පසුගිය දෙසැම්බර් මාසයේදී ද මේ ආකාරයෙන් එම රටේම සිට ඊමේල් පණිවිඩ යොමු කර තිබෙන බව ද මේ වන විට පරීක්ෂණවලින් හෙළිකරගෙන තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබේ.
එක් ඊ මේල් පණිවිඩයක් පසුගිය 23 වැනි දින ලැබී තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කර ඇත්තේ 26 වැනි දින පෙරවරුවේය.
ඒ පිළිබඳව දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේට කරන ලද පැමිණිල්ලකින් පසු බෝම්බ නිෂ්ක්‍රිය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් කාර්යාල පරිශ්‍රය ක්ෂණික සෝදිසි කිරීමකට ලක්කරනු ලැබීය.
එම අවස්ථාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ නවතා තිබූ සියලු වාහන සෝදිසි කිරීමෙන් පසු අදාළ තොරතුර ව්‍යාජ එකක් බවට පොලීසිය ප්‍රකාශයක් ද කළේය.
අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දෛනික රාජකාරි කටයුතු ආරම්භ කර පැයක් යන්නට මත්තෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විදත් ලිපිනයට තවත් පණිවිඩයක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ පස්වරු 4.00 ට පෙර එම පරිශ්‍රයේ පිපිරීමක් සිදුවන බවයි.
ඒ සම්බන්ධයෙන් යළිත් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු යළිත් වරක් බෝම්බ නිෂ්ක්‍රිය අංශය ඇතුළු කණ්ඩායම් කිහිපයක් පැමිණීම හේතුවෙන් බියට පත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන් බහුතරයක් දෙනා දින භාගයක නිවාඩු දමා පිටව යෑම හේතුවෙන් සේවා ගැනීමට පැමිණි මහජනතාව දැඩි අසීරුතාවට පත්විය.
නත්තල් නිවාඩුවෙන් පසු සති අන්ත නිවාඩුවට පෙර රජයේ කාර්යාල විවෘත කර තිබෙන එකම දිනය වූ 26 වැනි දින සේවා ලබාගැනීමට නොහැකිවීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්වූ බව රියැදුරු බලපත්‍ර අලුත් කිරීම ඇතුළු සේවා ගැනීමට පැමිණි පිරිස් ප්‍රකාශ කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart